ලොව පුරා පිරිමි වසඟයට ගත් කාඩේෂියන් පවුලේ සරාගිනිය වන කිම් මේ දිනවල සිය විවාහයට සූදානම් වෙනවා. තිස්තුන් හැවිරිදි එක්දරු මවක් වන කිම් තම සිරු...

කිම් කාඩේෂියන්ගේ කෝටිදෙකේ ෆේෂල් එක..



ලොව පුරා පිරිමි වසඟයට ගත් කාඩේෂියන් පවුලේ සරාගිනිය වන කිම් මේ දිනවල සිය විවාහයට සූදානම් වෙනවා. තිස්තුන් හැවිරිදි එක්දරු මවක් වන කිම් තම සිරුරේ හැඩය ගැනත්, පෙනුම ගැනත් කෙතරම් සැලකිලිමත් ද යන්න ඇය ඒ සඳහා වියදම් කරන ඩොලර් අගයන්ගෙන් පැහැදිලි වෙනවා. මීට පෙර මුහුණට ලේවලින් සත්කාර කරන Vampire Facial සත්කාරයකට මුදල් වියදම් කළ ඇය, මෙවර ඔක්සිජන් ෆේෂල් සත්කාරයකට ලෝබ නැතිව වියදම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ සමගම acid pee, Fitness Facial, light treatment ආදී සත්කාරයන් තම මුහුණ සඳහා සතියකටවරක් සිදුකර ගැනීමට ඇය කාලය වෙන් කරගෙන තිබෙනවා.  මෙම සත්කාර සඳහා ඇයට මේ වනවිට ඇමරිකානු ඩොලර් 21,600 ක්, එනම් මෙරට මුදලින් දෙකෝටි අසූ ලක්ෂයක් පමණ වන මුදලක් වැයකර තිබෙනවා.


-ada-

0 comentários: