වුණාම මම
එයාව
ඇදගෙන යනවා....
පසුගිය කාලයේ දී ජනප්‍රියම නිළිය බවට පත් වුනු "ඩිනක්ෂි ප්‍රියසාද්" මේ දිනවලනම් ගතකරන්නේ තරමක් කාර්යබහුල ජීවිතයකි. ඒ ඇය මේ දිනවල රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ නිවේදිකාව ලෙසත් තවත් ටෙලි නිර්මාණ කිහිපයකම රූපගත කිරීම්වල නිරතව සිටින අතරේ ඩිනක්ෂි අගේ අධ්‍යාපන කටයුතුන්හී නිරතව සිටින නිසාත් ය. පසුගිය දිනවල ඇගේ උපාධියේ තුන්වැනි වසරේ පළමු විභාගය පැවැත් වුණා. ඒ කටයුතුත් අතරේ සුපුරුදු විදියට ගලායන ඩිනක්ෂිගේ ජිවිතේ අලුත්ම තොරතුරු පිළිබදව සටහනකි මේ.
"අපි එකිනෙකා හිතන පතන විදිය වෙනස්. ශේෂද්‍රීට හිතෙන්න ඇති මේ තමයි විවාහ වෙන්න සුදුසු කාලේ කියලා. අනෙක තනියම තීරණයක් ගන්න පුළුවන් වයසකනේ එයා ඉන්නේ. දැන් ඉතින් එයා සතුටින් ඉන්නවා. මම දැන් කාමරේ ඉන්නේ තනියම. ෂනු ඉන්නේ එයාගේ කාමරේ. වෙලාවකට අම්මා මාත් එක්ක ඉන්නවා නැත්නම් තාත්තා ඉන්නවා නැත්නම් ඉතින් මම තනියම.
අක්කට කලින් නංගි විවාහ වුණා හේතුව.

මම කැමැති නෑ බඳින කෙනාගෙන් යැපෙන්න. මට ඕනේ දේ ගන්න මගේ ළඟ මුදල් තියෙන්න ඕනේ. ඒ නිසා ස්ථාවර වෙන්නයි මට ඕනේ. මට ස්ථාවර වෙන්න තව කොච්චර කල් කියලා කියන්න බැහැ.... තව අවුරුදු 2ක් විතර තියනවා උපාධිය ඉවර කරන්න.
ඊට පස්සේ රැකියාවක් කරගන්න ඕනේ. ස්ථාවර වෙන්න දිනය නියමයක් නැති එකේ විවාහයත් දින නියමයක් නැතිවම කල් යයි. අනික අවුරුදු තිහ වෙනකල්ම විවාහ වෙන්න පුළුවන්නේ. ඊට පස්සෙත් ඉතින් බඳින්න පුළුවන්නේ.
චුටි නංගිත් විවාහ වෙනකල් මම බලන් ඉන්නේ නෑ..... සමහරවිට එයාට කලින් මම බඳියි. එකපාරට හදිසියේම වගේ මම විවාහ වෙයිද කියන එක දැන්ම කියන්න බැහැ..... මම විවාහ වෙලා ඔයාලට දැන ගන්න ලැබෙයිද දන්නෙත් නෑ..... දැනට නම් හදිසියක් නෑ...... ඊළඟ මොහොතේ වෙනදේ දන්නේ නැති නිසා මොනවා වෙයිද කියන්න අමාරුයි.

ඩිනක්ෂි ඇගේ චුටි නංගි ගැන කියූ කතා.
"ෂනුද්‍රි වැඩියෙන් ෆැෂන් කරනව. එයා ඒ පැත්තට වැඩියෙන් නැඹුරුයි. චූටි කාලේ ඉඳන්ම එයා ෆැෂන් කරන්න ආසයි. මම ෆැෂන් කරන්න ආස වුණාට එයාට තරම් තේරුමක් නෑ...... මමත් හදිසියට එයාගෙන් තමයි ෆැෂන් කරන විදිය ඉගෙන ගන්නේ."
ෂනුද්‍රිට ‘බෝලේ’ කියන හේතුව හෙළි කරයි.
"එයා ඕලෙවල්වලට පාඩම් කරන කාලේ මහන්සි වෙනවා වැඩියි කියලා හොඳටම කෑවා.... ඉතින් මහත් වෙලා දැන් අපි එයාට කන්න දෙන්නේ නෑ......
ඒ වුණාට ඉතින් මම එයාට වැඩිපුර අරන් දෙන්නේ කන්න තමයි. අරහෙන් මෙහෙන් කන්න ඕනේ කියනවා. අපි දෙන්නා හොඳට ගැළපෙනවා. එයාට කන්න ඕනේ වුණාම මට කරදර කරනවා. මට කන්න ඕනේ වුණාම එයාව ඇදගෙන යනවා.
මට සල්ලිත් නෑ. මම වැඩිපුර වියදම් කරන්නේ කන්න කියලා අම්මා පොකට් මනී දෙන්නෙත් අඩුවෙන්. ඒ දෙන කීයෙන් හරි කරන්නෙත් කන එකම තමා."







lankaegossipnews
0 comentários: